දේශීය

අදත් ප්‍රදේශ් රැසකට වැසි

( UTV |කොළඹ )  – අද(10) දිනයේත් සවස් කාලයේ හෝ රාත්‍රී‍යේ ස්ථාන කීපයක වැසි‍ හෝ ගිඟුරුම් සහිත වැසි ‍ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා දකුණු  පළාත්වලත් අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වනු ඇත.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං ‍හා අකුණුවලින් අනතුරු අවම කර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දෙයි.

 

Related posts

නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය “යවම්-ඊ-ඉස්ටෙහ්සාල්” දිනය පවත්වයි

Mohamed Dilsad

සමාන ප්‍රතිලාභ සහිත ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බව ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment