දේශීය

අදත් ප්‍රදේශ් රැසකට වැසි

( UTV |කොළඹ )  – අද(10) දිනයේත් සවස් කාලයේ හෝ රාත්‍රී‍යේ ස්ථාන කීපයක වැසි‍ හෝ ගිඟුරුම් සහිත වැසි ‍ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා දකුණු  පළාත්වලත් අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වනු ඇත.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං ‍හා අකුණුවලින් අනතුරු අවම කර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දෙයි.

 

Related posts

ඡන්ද පෙට්ටි, ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය ඇරඹේ

Editor O

දේශපාලන පලිගැනීම්වලට අදාළව පැමිණිලි 263 ක්

Mohamed Dilsad

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අත්සන් 1640ක විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment