දේශීය

මත්පැන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නන් සම්බන්ධයෙන් විමර්ශණයක්

(UTV | කොළඹ) – ඇදිරි නිතිය පවතින මේ සමයේ සුරාසැල් වසා දමන ලෙසට නියෝග කර ඇති මොහොතක සමාජ මාධ්‍ය ඔස්සේ මත්පැන් නිෂ්පාදනය කරන අයුරු සහ එය ප්‍රවර්ධනය කරන ආකාරයේ වැඩසටහන් ප්‍රචාරය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ දැනටමත් අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඇඳිරි නීතිය කාලය තුළ මත්පැන්  අළෙවිසැල් වසා දැමිම හේතුවෙන් නීතිවිරෝධි මත්පැන් නීෂ්පාදනය ඉහළ ගොස් ඇති බව ද දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න විරක්කොඩි මහතා පැවසීය.

Related posts

පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා

Mohamed Dilsad

ඇමෙරිකා තීරු බදු අද සිට ක්‍රියාත්මකයි

Editor O

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා වෙත

Mohamed Dilsad

Leave a Comment