දේශීය

PHIට පහර දුන් සැකකරු ළමා රැඳවුම් නිවාසයේ රඳවන්නැයි නියෝග

(UTV |කෑගල්ල ) – රඹුක්කන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දුන් සැකකරුව ලබන අගෝස්තු 25 වන තෙක් දෙහිඕවිට, අල්ගොඩ ළමා රැඳවුම් නිවාසයේ රඳවා තබන ලෙසට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ.

කොරෝනා‍ වෛරසය මැඩලීමේ රාජකාරියෙදී සිටි රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යා‍ලයේ සේව‍යේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබුණේ පසුගිය 04 වනදාය.

එම සැකකරුව ඊයේ (05) අත්අඩංගුවට ගත් අතර ඔහු වයස අවුරුදු 16 ක් වන කඩිගමුවේ පදිංචිකරුවෙකි.

මේ පිලිබඳ රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

අතුරලියේ රතන හිමියෝ කොතනද …? මෙන්න විස්තරේ

Editor O

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment