දේශීය

අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ලබාදීමේ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට සහනයක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසට බෙදීමේ සේවාව තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

තැපැල් විශේෂ බෙදීම් සේවාවේ මෙහෙයුම් ඒකකය ආරම්භ කර ඇති මෙම සේවාව සඳහා සියළුම සුපිරි වෙළදසැල් හිමියන් වෙත ද එක්වන ලෙසට ද ආරාධනාවක් කර ඇත.

ඔබේ එක්වීම ළඟම තැපැල් කාර්යාලයට හෝ පහත දුරතථන අංක මගින් මුලාස්ථාන මෙහෙයුම් ඒකකයට දන්වන මෙන් තැපැල් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

ඒ සඳහා 071 80 98 700, 071 44 31 624 සහ 071 81 94 214 යන දුරකථන අංක හඳුන්වා දී තිබේ.

Related posts

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

Mohamed Dilsad

එළවළු සහ පළතුරු මිලදි ගැනීමේ දෙවන අදියර අදින් ඇරඹේ

Mohamed Dilsad

ඡන්දේ ගන්න බොරු කියූ අයට වැඩ වරදී…? වත්මන් ආණ්ඩුවටත් අදාළවේද…?

Editor O

Leave a Comment