ක්‍රීඩා

කෙවින් පීටර්සන්ගෙන් IPL තරඟාවලියට යෝජනාවක්

(UTV | කොළඹ) –  ලෝ පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් කල්දමා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පැවැත්විය හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් ගැන එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ලබන මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අප්‍රේල් 15 වනදා දක්වා කල් දමනු ලැබූ අතර , පවතින වාතාවරණය අනුව එය අප්‍රේල් මාසය තුළ පැවැත්වීමත් අවිනිශ්චිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

මෙවර අයි.පී.එල්. තරගාවලිය ආරක්ෂිත ක්‍රීඩාංගන තුනක සීමිත අන්දමින් පැවැත්වීමේ හැකියාවක් පවතින බව කෙවින් පීටර්සන් යෝජනා කරයි.

ජූලි හෝ අගෝස්තු මාසවලදී එවැනි තරඟාවලියක් පැවැත්විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ ලොව වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩකයන්ට වැඩිම ආදායමක් ලබාදෙන අයි.පී.එල්. තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයන් බලාපොරොත්තු තබා සිටින බවයි.

Related posts

මීළඟ පාකිස්තානු සංචාරයට ලංකාවෙන් සුවිශේෂී පුද්ගලයෙක්

Mohamed Dilsad

ක්‍රිකට් නිලවරණයට සියල්ල සුදානම්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

Leave a Comment