දේශීය

සංචාරක – ප්‍රවාහන ක්ෂේත්‍ර ඇතුළු පාර්ශව කිහිපයකට දීමනා

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින අයට රු 5000 දීමනාවක් ලබා දීමට රජය තීරණය කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවස

ඒ අනුව, සංචාරක ක්ෂේත්‍රයේ නිරත මේ වනවිට රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ග්‍රාම නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් වෙත අදාළ ඉල්ලීම ඉදිරිපත් කළ හැකියි.

කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය බිද වැටීමත් සමග එහි රැකියාවල නිරතව සිටි විශාල පිරිසක් ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබේ.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ ත්‍රිරෝද රථ රියදුරන් පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වැනි අයට ද ඉදිරියේදී මෙම දීමනාව ලබාදිමට කටයුතු කරන බවයි.

Related posts

සමන්තා දිවයිනෙන් යයි

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර අද ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

ළමයින්ට එරෙහි දඬුවම් තහනම් කිරීමට සැලසුම්

Editor O

Leave a Comment