දේශීය

අන්තර්ජාතික මූල්‍ය ආයතන වෙත ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

(UTV |කොළඹ ) – මෙම අවස්ථාවේ අවදානමට පත්ව ඇති ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

අප රටෙහි ආර්ථිකය සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියා ලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවති.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුරකථනයෙන් කථා කළ අවස්ථාවේ මෙම ඉල්ලීම කර තිබේ.

ඒ අනුව ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්විපාර්ශ්වික ණය සපයන මුල්පෙළේ රටවල නායකයන් එකඟ කර ගන්නැයි මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.

Related posts

තවත් 344කට සුවයි

Mohamed Dilsad

අක්කරෙයිපත්තුවෙන් ඇල්ලූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු

Mohamed Dilsad

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු 2 වන අධියර ලබන සඳුදා සිට

Mohamed Dilsad

Leave a Comment