දේශීය

ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ගම්මාන වැසේ

(UTV |අනුරාධපුරය ) – අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ වසා දැමීමට තීරණය කෙරේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු එම ප්‍රදේශවල ගැවසී ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම තීන්දුව ගෙන ඇත.

මේ නිසා ඇඳිරි නීතිය ඉවත් කරන කාලයේ දී ද ඒවායේ කිසිදු සුපිරි වෙළඳ සලක් හෝ සාමාන්‍ය වෙළඳ සැලක් විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

එම ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් නිවෙස් වලට ලබා දෙන බව පොලිසිය සදහන් කරයි.

Related posts

හිටපු ආරක්ෂක ලේකම් සියලු චෝදනාවලින් නිදහස්

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට

Editor O

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment