Trending Newsඑසැන පුවත්දේශීය

හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියකට කාන්තාවක් අත්අඩංගුවට

දුව, වෑත්තෑව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් ගෙල සිරකර ඝාතනය කිරීම හා දේපළ සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.  2022.09.14 වන දින මෙම අපරාධය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සීදුව පොලිස් ස්ථානය මඟින්  ආරම්භ කර තිබු විමර්ශනවලට අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත් එම හිමිනම සමඟ සම්බන්ධකම් පැවැත්වූ විදේශගතව සිටින කාන්තාවක් මෙම ඝාතනය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇති බවටත්ය. වැඩිදුර විමර්ශනයෙන් පසුව පොලීසිය විසින්  මෙම සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකාරියට එරෙහිව ගුවන් ගමන් තහනමක් ලබා ගෙන තිබිණි.

ඒ අනුව, මෙම සැකකාරිය ඊයේ (12) අළුයම ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 24 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි. සීදුව පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. සැකකාරිය අද (13)  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Related posts

අදත් පැය 7කට අධික කාලයක් විදුලිය නෑ

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා ආසාදිතයන් එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

සඳුදා ඉඳන් සතියේ දවස් 05ම පාසල් පැවැත්වෙයි

Mohamed Dilsad

Leave a Comment