Trending Newsඑසැන පුවත්දේශීය

ඉලංගයි තමිල් අරසු පක්ෂය, ඉන්දීය අගමැති හමුවීමේ අප්කේෂාවෙන්…?

උතුරේ නොවිසඳුන ගැටළු පිළිබඳව ඉන්දීය අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඉලංගයි තමිල් අරසු පක්ෂය ප්‍රකාශ කරයි. අද (13) යාපනයේදී පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉලංගයි තමිල් අරසු පක්ෂ සභාපති සි.වි.කේ . ශිවඥානම් මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් .

ලබන මස මුලදී (අප්‍රේල් ) දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇති බවත් ඒ අනුව ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ශිවඥානම් මහතා සඳහන් කළේය. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම , වසර ගණනාවක් තිස්සේ විසඳුමක්
නැති අතුරුදන්වුවන්ගේ ගැටලුව ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳව ඉන්දීය අගමැතිවරයාගේ අවදානයට ලක් කිරීමට අපේක්ෂා කරන බව ඉලංගයි තමිල් අරසු පක්ෂය සභාපති සි.වි.කේ . ශිවඥානම් මෙහිදී පැවසීය.

උතුරේ දහස් ගණනක් අතුරුදන්වී ඇති බව පැවසූ සි.වි.කේ . ශිවඥානම් මහතා කොමිසම් සභා කොතෙක් පත් කළත් වැඩක් නැතැයි කියා සිටියේය. එම කොමිසම් සභා නමට පමණක් සීමාවී ඇති බව ඉලංගයි තමිල් අරසු පක්ෂය සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ආපදාවෙන් පීඩාවටපත් ජනතාවට, ජීවිතාරක්ෂක ආධාර සැපයීමට රුපියල් බිලියන 10.9 ක් අවශ්‍යයි

Editor O

119 ஓட்டங்களை பெற முடியாமல் சுருண்ட மும்பை அணி

Mohamed Dilsad

கொச்சி விமான நிலையத்திற்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment