දේශීය

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් පිටව යයි

(UTV |කොළඹ ) – යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් අද(29) සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි 77 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකිිි.

ඔවුන්ගෙන් 49 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සහ 28 දෙනෙකු වැලිකන්ද, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ යුධ හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලියට ලක්ව තිබේ.

ඔවුන් මාතර සහ කොළඹ ප්‍රදේශවලට යුධ හමුදා බස් රථ සහ පෞද්ගලික වෑන් රථ යොදා ගනිමින් පිටත් කර හැර ඇති බවයි යුධ හමුදාව සඳහන් කළේය.

 

Related posts

මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය අද

Editor O

ඇමෙරිකාවේ බදු අපට ගැටළුවක් නැහැ : ට්‍රම්ප් ට උතුර දකුණ හොයාගන්න බැරිවෙන්නම සුනිල් හඳුන්නෙත්ති කියයි.

Editor O

ලොව පුරා මෙරට කළු තේ ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment