දේශීය

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් පිටව යයි

(UTV |කොළඹ ) – යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් අද(29) සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි 77 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකිිි.

ඔවුන්ගෙන් 49 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සහ 28 දෙනෙකු වැලිකන්ද, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ යුධ හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලියට ලක්ව තිබේ.

ඔවුන් මාතර සහ කොළඹ ප්‍රදේශවලට යුධ හමුදා බස් රථ සහ පෞද්ගලික වෑන් රථ යොදා ගනිමින් පිටත් කර හැර ඇති බවයි යුධ හමුදාව සඳහන් කළේය.

 

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

Mohamed Dilsad

තැපෑලෙන් ඖෂධ පාර්සල් 11,765 ක් බෙදා හැර අවසන්

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළට නවීන කැමරා පද්ධතියක්

Editor O

Leave a Comment