මෙරට සියලුම ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිලිවෙලක් අද(16) ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහතා පැවසුවේ, WWW.FAMERNET.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි වීම සිදු කළ හැකි බවය.
ඒ සඳහා අවශ්‍ය සහය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හා කෘෂිකර්ම නිෂ්පාදන හා පර්යේෂණ සහයක නිලධාරීන් මාර්ගයෙන් ලබාගත හැකි බවද ඔහු සඳහන් කළේ ය.
