විදෙස්

කොරෝනා නිසා සියදිවි නසාගත් ඉතාලියේ හෙදිය

(UTV | කොළඹ) – කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉතාලියේ රෝහලක සේවය කළ හෙදියක් සියදිවි නසාගෙන ඇති තිබේ.

එරට හෙදියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු විදේස් මාධ්‍යට පැවසුවේ, අන් අයටත් තමන්ගෙන් වෛරසය  ආසාදනය වනු ඇති බවට බියෙන් ඇය සියදිවි නසාගෙන ඇති බවයි.

34 හැවිරිදි Daniela Trezzi ඇය කොරෝනා ආසාධිත රෝගීන් ප්‍රතිකාර ගනු ලබන රෝහලක සේවය කළ ඇති අතර ඇයගේ ශරීරයේ සිදු වූ වෙනස් වීම් හේතුවෙන් කොරෝනා ආසාදනයවී ඇති බවට සැක සිතමින් අදාළ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම වාර්තාවට අනුව Daniela Trezzi ට කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරු කරගෙන තිබේ.

Related posts

වැග්නර් ට එරෙහිව පුටින් වැඩ අරඹයි

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ව එල්ලා මරයි

Mohamed Dilsad

කොරෝනා නිසා කෝටි ගණනක රෝහල් බිලක් ගෙවූ පුද්ගලයා

Mohamed Dilsad

Leave a Comment