දේශීය

නවසීලන්ත පවුලක් බදුල්ලේ හිර වෙයි

(UTV|කොළඹ )  බිල් ස්ටීවන්සන් සහ ඔහුගේ පවුලේ අය නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිය රටට නැවත යාමට නොහැකිව දුශ්කරතාවයට පත්ව සිටිය.

ඔවුන් දැන් බදුල්ලේ අතරමංව සිටින අතර කිසිදු සංචාරකයෙකු නොමැති හෝටලයක සිටින එකම අමුත්තන් බවට පත්ව ඇති බව නවසීලන්ත වෙබ් අඩවිය stuff.co.nz වාර්තා කරයි.

වෛරස් වසංගතය හේතුවෙන් රටවල සංචාරක සීමා පැනවීම සහ ගුවන් සමාගම් ගුවන් ගමන් කප්පාදු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිරවී සිටින ඔවුන් යළි ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස නවසීලන්ත රජයෙන් ඉල්ලා සිටී.

“වෙනත් රටවල් තම පුරවැසියන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගුවන් ගමන් සංවිධානය කර තිබෙනවා. මේ නිසා ඔවුන් ගෙන්වා ගැනීමට නවසීලන්ත කටයුතු කරයි යනුවෙන් ”ස්ටීවන්සන් පැවසීය.


Related posts

කොළඹ නගරයේ තදබදය අවම කිරීමට රථ ගාල් 8 ක්

Mohamed Dilsad

අගමැතිගේ තිරුපති සංචාරය ගැන අල්ලස් කොමිෂම විමර්ශනය ඇරඹේ

Mohamed Dilsad

බැඳුම්කර වංචාව ගැන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පණත යටතේ විමර්ශන

Mohamed Dilsad

Leave a Comment