දේශීය

නවසීලන්ත පවුලක් බදුල්ලේ හිර වෙයි

(UTV|කොළඹ )  බිල් ස්ටීවන්සන් සහ ඔහුගේ පවුලේ අය නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිය රටට නැවත යාමට නොහැකිව දුශ්කරතාවයට පත්ව සිටිය.

ඔවුන් දැන් බදුල්ලේ අතරමංව සිටින අතර කිසිදු සංචාරකයෙකු නොමැති හෝටලයක සිටින එකම අමුත්තන් බවට පත්ව ඇති බව නවසීලන්ත වෙබ් අඩවිය stuff.co.nz වාර්තා කරයි.

වෛරස් වසංගතය හේතුවෙන් රටවල සංචාරක සීමා පැනවීම සහ ගුවන් සමාගම් ගුවන් ගමන් කප්පාදු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිරවී සිටින ඔවුන් යළි ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස නවසීලන්ත රජයෙන් ඉල්ලා සිටී.

“වෙනත් රටවල් තම පුරවැසියන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගුවන් ගමන් සංවිධානය කර තිබෙනවා. මේ නිසා ඔවුන් ගෙන්වා ගැනීමට නවසීලන්ත කටයුතු කරයි යනුවෙන් ”ස්ටීවන්සන් පැවසීය.


Related posts

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කුඩු සුරංග අත්අඩංගුවට

Mohamed Dilsad

කඩු කිණිසි අතැතිව ව්‍යාපාරිකයා ට කළ තර්ජනය -CCTV

Mohamed Dilsad

Leave a Comment