දේශීය

බැඳුම්කර වංචාව ගැන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පණත යටතේ විමර්ශන

(UTV | කොළඹ) – මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 08 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පණත යටතේ තවදුරටත් විමර්ශණ සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ එහි ප්‍රගතිය නොවැම්බර් මස 12 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත මුදාහැර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් ඇතුළු සැකකරුවන් හත්දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියට තනතුරක්

Editor O

දෙලක්ෂයකට ඊයේ බූස්ටර් එන්නත

Mohamed Dilsad

රටඉඳි සඳහා වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලකින් අඩු කෙරේ

Mohamed Dilsad

Leave a Comment