දේශීය

දඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම විෂබීජහරණය කරයි

(UTV | කොළඹ) – දඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම සුද්ද පවිත්‍ර කොට විෂබීජහරණය කිරීමේ වැඩපිළිවෙලක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් විසින් අද ( 25) ආරම්භ කරනු ලැබීය.

මේ සඳහා දඹුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය අංශ යුද හමුදාව දායකත්වය ලබාදුන්හ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලීමක් මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මෙම විසබීජ ඉවත් කිරීමේ ක්‍රමවේදය දඹුල්ල බස් නැවතුම්පොළෙන් ආරම්භකොට ආර්ථික මධ්‍යස්ථාන වෙහෙර විහාරස්ථාන සහ දඹුල්ල නගරයේ වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්ථාන විසබීජහරණය කිරීම සිදු කරන ලදී.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් නියෝජ්‍ය නගරාධිපති සමීර ජයසේකර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දඹුල්ල , ගල්කිරියාගම, කැකිරාව, සහ ප්‍රධාන කාර්යාලවල සේවය කර භට පිරිස් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

Related posts

අගමැති මහින්ද යුනිසෙෆ් වැඩසටහනකට තෝරා ගැනේ

Mohamed Dilsad

සමාජ බුද්ධි ඒකකය වැඩ අරඹයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි‍

Mohamed Dilsad

Leave a Comment