දේශීය

සමාජ බුද්ධි ඒකකය වැඩ අරඹයි

ජාතික බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා එහි කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ පාසල් පද්ධතිය තුළ සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා එම නව බුද්ධි කොට්ඨාසය හරහා අවශ්‍ය පියවර ගන්නා බවය.

 

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා,

 

“අපි මේ වසර තුළ ජාතික බුද්ධි ඒකකයත්, ජාතික ශිෂ්‍ය භට බළකායත් සමග එකතුව සමාජ බුද්ධි එකකයක් පිහිටුවීමට තීරණය කළා. ඒ වැඩපිළිවෙල අපි මේ වසරේ ආරම්භ කළා. ඒ අනුව පාසල් තුළ සිදුවන අකටයුතුකම්, මත්ද්‍රව්‍ය උවදුර අවම කරන්න සහ නැති කරන්න වගේම මුලින්උපුටා දමන්න මේ බුද්ධි එකකය ඉවහල් කර ගැනීමට අපට හැකිවෙයි. ඒ වගේම ජාතික වීරයන් තරුණ පරපුර අතරින් බිහි කරන්න ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කළා.”

 

Related posts

බස්නාහිර පළාතෙන් පිටව ගිය අය හෙළි වෙයි

Mohamed Dilsad

කොළඹ විශ්ව විද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත් කරයි

Mohamed Dilsad

සජබ මන්ත්‍රීගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිව, මාලිමාවට බලය හිමි බලංගොඩ නගර සභා රැස්වීම කල් තබයි

Editor O

Leave a Comment