දේශීයප්‍රමුඛ පුවත 1

අගමැති ප්‍රමුඛ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

(UTV|කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන ආකාරයට අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල නියෝජිතයින්ට මේ සඳහා සහභාගී වන ලෙස දැනුම්දී ඇත.

අද (24) පෙරවරු 10.00ට අරලියගහ මන්දීරයේදී මෙම රැස්වීම පැවැත්වෙන බව ද එම කාර්යාලය සදහන් කළේය.

දිවයින පුරා පැතිර යමින් පවතින කොවින්ඩ් නයින්ටීන් හෙවත්නව කොරෝනා වසංගත තත්ත්වය පාලනය සඳහා රජයගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා තිබේ.

මෙහිදී මේ සම්බන්ධයෙන් ගන්නා වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා විසින් පක්ෂ නායකයින් දැනුවත් කිරිමට නියමිතයි.

Related posts

ඇඳිරි නීති කඩ කළ පිරිස 66,000 ඉක්මවයි

Mohamed Dilsad

තොග නැතිව ගෑස් බෙදාහැරීම නවතී

Mohamed Dilsad

දඹුල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment