දේශීය

රටපුරා10,000ක් දෙනා නිරෝධායනය සදහා යොමු කෙරේ.

(UTV|කොළඹ) – හදුනාගත් දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින් මෙම කටයුතු ක්‍රියාත්මක කර ඇත.

මේ අතර හැටන් ප්‍රදේශයේ හොං කොං ජාතිකයන් දෙදෙනෙකු නවාතැන්ගෙන සිටි සංචාරක නිකේතනයක් මුද්‍රා තැබීමට පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේය.

එමෙන්ම හොංකොන් ජාතිකයින් දෙදෙනෙකු මෙහි නවාතැන් ගෙන සිට ඇති බව අදාල ස්ථානයේ හිමිකරු විසින් පොලිසියට දැනුම් දී  නොමැත.

නමුත් ඔහුන් විසින් විදේශකයින් දෙදෙනාව ඊයේ (21) දිනයේදී කටුනායක ගුවන්තොටුපල වෙත ඔහුගේ මෝටර් රථයෙන් රැගෙන ගොස් තිබේ.

ඒ හේතුවෙන් සංචාරක නිකේතනයේ හිමිකරු හා ඔහුගේ පවුලේ සාමාජිකයින් දින 14ක් යනතුරු ස්වයං නිරෝධායනයට ලක් කරයි .

ඔවුන්ගේ මෝටර් රථය දින 14ක් යනතුරු ධාවනය තහනම් කිරීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ.

එමෙන්ම පොලොන්නරුව සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින් විදේශගතව සිට පැමිණ ප්‍රදේශ කිහිපයක රැඳී සිටි පුද්ගලයින් පනස් දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තාවේ.

හම්බන්තොට ප්‍රදේශයේ අවන්හලක සේවය කළ කන්තාවක් වෛද්‍ය උපදෙස් මත නිවස තුල ස්වයං නිරෝධායනයට ලක්කර සිටියදී උණ සහ හුස්ම ගැනිමේ අපහසුතා හේතුවෙන් කොරෝනා රෝගය වැලදි ඇතැයි සැක කර හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

හබරණ ප්‍රදේශයේ අවන්හලක සේවය කර කන්තලේ වාන්ඇල ප්‍රදේශයේ තම නිවසට පැමිණි තරුණයකු රෝගි තත්ත්වයක් හේතුවෙන් කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොරෝනා ආසාදිත බවට සැකකෙරෙන රෝග ලක්ෂණ මතුවිම හේතුවෙන් මඩකළපු මහ රෝහලට මරුකර යැවුණි.

මේ අතර ඉතාලිය ඇතුළු රටවලින් පැමිණි පුද්ගලයින් හා ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් 423 දෙනෙකු මේ වන විට නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කර සමාජ ගත කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසයි.

පුත්තලම  දිස්ත්‍රික්කයේ තවත් 791 දෙනෙකු තවදුරටත් නිවෙස් වල ස්වය නිරෝධායනයට ලක් වෙමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

Related posts

රජය, ආනයනික මාළු සඳහා බද්ද ඉහළ දමයි

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

මුතුරාජවෙලට කසල බැහැර කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින තීන්දුයි

Mohamed Dilsad

Leave a Comment