විදෙස්

ඉදිරි පැය 48 තුළ සිඩ්නි සහ මෙල්බන් නගර වසා දැමීමට යයි

(UTV | කොළඹ) –  කොවිඩ් 19 වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ඉදිරි පැය 48ක කාලය තුළ ඕස්ට්‍රේලියාවේ විශාලතම නගර දෙක වන සිඩ්නි සහ මෙල්බන් නගර වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

ඇතිව තිබෙන තත්ත්වය හමුවේ කැන්බරා අගනුවර අවහන්හල් සහ ආපනශාලා වසා දැමීමට මේ වන විටත් එරට රජය නිවේදනය කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1315 දක්වා ඉහළ යාමත් සමඟ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම සීමා කිරීම් සිදුකරන බව අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේය.

පසුගියදා ඕස්ට්‍රේලියානු රජය විසින් එරටට පැමිණෙන සංචාරකයන්ට තහනමක් ද පනවනු ලැබීය.

Related posts

ඉතාලි පාර්ලිමේන්තු මැතිවරණය උණුසුම්

Mohamed Dilsad

ඩෝරියන් කුණාටුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 2500 ඉක්මවයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ සරසවි සිසු විරෝධතාවයකින් 27 දෙනෙකු මරුට[VIDEO]

Mohamed Dilsad

Leave a Comment