විදෙස්

ඩෝරියන් කුණාටුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 2500 ඉක්මවයි

(UTV| බහමාස්) – පසුගිය සතියේ රටවල් කිහිපයකට බලපෑ ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් බහමාස්හි පුද්ගලයින් 2500 කට අධික පිරිසක් අතුරුදන්වී ඇති බව බහමාස් හදිසි සේවය සඳහන් කරයි

එමෙන්ම තවත් දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටින බවත් යෑමට ස්ථානයක් නොමැතිව අසරණ වී සිටින බවත් එරට මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් 50 දෙනෙකු අධික පිරිසක් මියගොස් ඇති බවයි

ඉන් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූ අතර නිවාස රථ වාහන ඇතුළු දේපළ රැසක්ද විනාශ වී තිබේ.

කැරිබියන් හදිසි ආපදා කළමනාකරණ කාර්යාංශය පවසන්නේ පුද්ගලයන් පහළොස්දහසකට පමණ ආහාර හා වාසස්ථාන අවශ්‍ය වන අතර ඔවුන් සඳහා විශාල කූඩාරම් ඉදිකිරීමේ කටයුතු දැනටමත් බහමාස් බලධාරීන් විසින් ආරම්භ කර ඇති බවයි.

මේ අතර අපාදාවෙන් බහමාස් හි සිදුවූ දේපළ හානිය අමෙරිකානු ඩොලර් බිලියන තුන ඉක්මවන බවටයි එරට බලධාරීන් නිගමනය කර ඇත්තේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

බෝයිං 737 ගුවන් යානයක් තුර්කියේදී නැවත අනතුරට

Mohamed Dilsad

ඇමරිකානු බඩු වලට චීනය බදු ගසයි

Mohamed Dilsad

Leave a Comment