දේශීය

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිශ්‍රයන්හි ක්‍රියාත්මක මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇත.

මහජනතාවගේ පාරිභෝජන අවශ්‍යතා හා සෞඛ්‍ය ආරක්ෂක හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා වන භාණ්ඩ රට තුළට බාධාවකින් තොරව ගෙන්වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන තිබේ.

වරාය අධිකාරිය සේවකයන්ට ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කල හැක.

වරාය අධිකාරියේ සේවකයන්ගේ පහසුව සඳහා මාර්ග 7 ක බස් රථ යොදා ඇතැයිද වරාය අධිකාරිය සඳහන් කළේය.

Related posts

විමල්ගේ ප්‍රකාශයකට එරෙහිව රිෂාඩ්ගෙන් CID යට පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

නේවි රුවන්ට සහය දුන් පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් හතරකට වැසි

Mohamed Dilsad

Leave a Comment