දේශීය

පාසල් වෑන් හිමියන් ගාස්තුවෙන් භාගයක් අයකිරීමේ තීරණයක

(UTV | කොළඹ) – පාසල් ළමුන් ප‍්‍රවාහනය කිරීමේ වෑන් රථ සදහා අප්‍රේල් , මැයි මාස වෙනුවෙන් සම්පූර්ණ ගාස්තු අය නොකරන නමුත් ගාස්තුවෙන් අඩක් හෝ දෙමාපියන්ට හැකි පරිදි යම් මුදලක් අය කිරීමට තීරණය කර ඇතැයි පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගම් පවසයි.

මෙම මාසවල පාසල් නොපැවැත්වුණත් කිසිම මුදලක් අය නොකර සිටියහොත් තමන් දැඩි අපහසුතාවකට පත්වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත‍්‍රික් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ ලේකම් කමල් ඉලංගරත්න මහතා සඳහන් කළේය.

අප්‍රේල් මැයි මාසවල පාසල් නොපැවැත්වුණු නිසා ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ වෙනුවෙන් මුදල් අය නොකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්දී තිබුණද එසේ කිරීමෙන් පාසල් වෑන් රථ හිමියන්ට දැඩි ගැටළුවකට මුහුණදීමට සිදුවන බව ඔහු පැවසීය.

වෑන් රථ හිමියන්ද ජීවත්වන්නේ මෙම ආදායමෙන් බැවිනුත්, එම ආදායම නොලැබුණහොත් රියදුරන්ගේ සහ සහායකයින්ගේ වැටුප් ගෙවීමට මෙන්ම එදිනෙදා වියදම් දරාගැනීමට වෙනත් ආදායමක් නොමැති විශාල පිරිසක් සිටින බවත් ඉලංගරත්න මහතා කීවේය.

පවතින තත්ත්වය හමුවේ එම මුදල් ගෙවීම අසීරු දෙමාපියන් වේ නම් ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිතව සිතා බැලීමට සූදානම් බව ද ඔහු සඳහන්කර සිටියේය.

Related posts

ජවිපෙන් කළ සියලු ඝාතනවලට, එවකට අවි දැරූ සියල්ලන්ට දඬුවම් කරනු – නන්දන ගුණතිලක

Editor O

ට්‍රම්ප්ගේ ස්විට්සර්ලන්ත ගමනට බාධා

Editor O

සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා කැඳවයි

Mohamed Dilsad

Leave a Comment