දේශීය

සංචාරකයින්ට රට තුළ ගමන් තහනම්

(UTV|කොළඹ) – මහජනයා විශාල වශයෙන් එක් රැස්වීම රෝග ව්‍යාප්තියට හේතුවන බව දැනුම් දී තිබුණ ද විදේශීය සංචාරක කණ්ඩායම් වශයෙන් රට තුළ ගමන් බිමන් කරන බවට තොරතුරු ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

මෙරට වැසියන් ද විනෝද චාරිකාවල නිරත වෙමින් සිටින අතර එවැනි ඒකරාශී වීම් නතර කළ යුතුව ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

රජය විසින් කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම තහනම් කිරීමට තීරණය කර තිබේ.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මේ තීරණය ගෙන තිබේ.

Related posts

පුංචි ඡන්දයට මුදල් වෙන් කරයි

Editor O

ලංගම සේවකයින් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

මංතීරු නීතිය හෙට සිට දැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment