විදෙස්

ප්‍රංශය සහ මැලේසියාව තාවකාලිකව වසා දැමෙයි

(UTV| කොළඹ) – මැලේසියාව සති දෙකක කාලයක් වසා දැමීමට එසේත් නැත්නම් (lockdown) කිරීමට මැලේසියා අගමැති කටයුතු කර තිබේ.

ඒ අනුව එරට සියලුම ආගමික ආයතන, පාසල්, ව්‍යාපාර සහ රජයේ කාර්යාල බදාදා සිට මාර්තු 31 දක්වා වසා තැබෙනු ඇත.

මැලේසියානුවන්ට විදෙස් ගත වීමට ඉඩ නොදෙන අතර සියලුම විදේශීය සංචාරකයින් රටට ඇතුළුවීම තහනම් කර ඇත.

මීට අමතරව , විදේශයන්හි සිට ආපසු පැමිණෙන සියලුම මැලේසියානුවන්ට දින 14 ක් ස්වයං නිරෝධායනය කිරීමට සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

සති අන්තයේදී මැලේසියාවේ නව කොරෝනා රෝගීන් 315 ක් වාර්තා වී ඇති අතර , දින දෙකක් තුළ රෝගීන් විශාල වශයෙන් වාර්තාවීම හේතුවෙන් මැලේසියාව මෙම තීරණය ගෙන තිබේ.

මීට අමතරව , කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් දින 15 ක් සඳහා ප්‍රංශය ද වසාදැමීමට (lockdown) ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පියවර ගෙන තිබේ.

ඒ අනුව එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවට යාම, ව්‍යායාම කිරීම හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හැර අඟහරුවාදා සිට මිනිසුන් නිවසේ සිටිය යුතුවෙයි.

මේ අතර වෛරසය වැළැක්වීම සඳහා මිනිසුන් ගමන් බිමන් යාමේ සීමාවන්ට යටත් වන බව සහතික කිරීම සඳහා ප්‍රංශය පොලිස් නිලධාරීන් 100,000 යොදවනු ඇතැයි එහි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.

Related posts

දිවුරුම් දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක්

Mohamed Dilsad

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 2 ක් ඉන්දියාවෙන්

Mohamed Dilsad

ඉන්දුනීසියාවට යළිත් භූ කම්පන අවධානමක්

Mohamed Dilsad

Leave a Comment