ක්‍රීඩා

ඕස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරඟය අත්හිටුවයි

(UTV | ඕස්ට්‍රේලියා) –  ඕස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරගය අත්හැර දැමීමට තරඟ සංවිධායකවරුන් කටයුතු කර තිබේ.

මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරඟාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ.

මීට අමතරව ලබන සති අන්තයේදී පැවැත්වීමට නියමිත බහරේන් ෆෝමියුලා වන් තරගයද ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමට තරග සංවිධායකන් තීරණය කර තිබේ.

මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයාට කොවිඩ් වැළදීම නිසා එම කණ්ඩායමේ සියලුම සාමාජිකයන් තමන් නැවැතී සිටින හෝටලයේ සිටම නිරෝධායනයට කටයුතු කර ඇත.

Related posts

යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවට

Mohamed Dilsad

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය යළිත් අවිනිශ්චිත තත්ත්වයක

Mohamed Dilsad

කොරෝනා මර්දනයට බාසිලෝනා සිය වැටුපෙන් 70% ක් ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment