විදෙස්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සෞදිය ගුවන් ගමන් අත්හිටුවයි

(UTV| කොළඹ) – කොරෝනා වෛරස් අවධානම හමුවේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 39 කින් පැමිණෙන පුද්ගලයන් සිය රටට ඇතුලු කර නොගැනීමට සෞදි අරාබිය තීරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ නිකුත් කළ අවධානම් නිවේදනයත් සමගයි සෞදි අරාබිය මෙම තීරණය ගෙන ඇත.

යුරෝපා සංගමය , ඉන්දියාව , පකිස්ථානය , පිලිපීනය , දකුණු සුඩානය , කෙන්යාව , සෝමාලියාව ඇතුලු රටවල් මීට ඇතුළ වෙයි.

සෞදි අරාබියෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 45 ක්.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රස් ඇඩනම් මහතා කියාසිටියේ වෛරසය පැතිරයාම ආරම්භ වූ චීනය තුළ එය මේ වනවිට පාලනය වෙමින් ඇතත් අනෙකුත් රටවල තත්වය සතුටුදායක නොමැති බවයි.

මේ අතර ඔසු සැල් සහ ආහාර අලෙවිසැල් හැර රට පුරා පිහිටා ඇති සියලුම වෙළඳසැල් වසා දැමීමට ඉතාලිය තීරණය කර තිබේ.

මේ වනවිට එරටින් පුද්ගල මරණ 827 ක් වාර්තාවන අතර ආසාධිතයන් සංඛ්‍යාව 12000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර හෙට දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු පැමිණෙන සහ පිටත්වන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට කුවේටය ඊයේ තීරණය කර තිබේ.

Related posts

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළට

Mohamed Dilsad

30 ට අඩු අයට ඇස්ට්‍රා -සෙනෙකා වෙනුවට විකල්පයක්

Mohamed Dilsad

සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඉවත්වන්න – වෙනිසියුලානු ජනාධිපති

Mohamed Dilsad

Leave a Comment