විදෙස්

30 ට අඩු අයට ඇස්ට්‍රා -සෙනෙකා වෙනුවට විකල්පයක්

(UTV | යුරෝපය) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ගැනීමෙන් පසු රුධිර කැටි ගැසීම් ඇතිවීම අතිශය දුර්ලභ අතුරු ආබාධයක් බව යුරෝපා ඖෂධ ඒජන්සිය අවධාරණය කරයි. 

යුරෝපයෙන් වාර්තා වූ එවැනි සිදුවීම් 86 ක් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි ඔවුන් එම නිගමනයට එළැඹී ඇත.

දැනට යුරෝපා මහද්වීපයේ මිලියන 25 කට අධික පිරිසකට එන්නත දී ඇති බවත් එයින් රුධිර කැටිගැසීම් වාර්තාවී ඇත්තේ ඉතා සුලු පිරිසකගේ පමණක් බවත් මෙහිදී සඳහන් කෙරුණි.

කෙසේවෙතත් වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට ඇස්ට්‍රා-සෙනෙකා වෙනුවට විකල්ප එන්නතක් දීම වඩාත් යෝග්‍ය බව මහා බ්‍රිතාන්‍ය එන්නත් උපදේශක කාර්යාලය පවසයි. රුධිර කැටි ගැසීම් අවධානම ඊට හේතුවී ඇත.

 

 

Related posts

අවුන් සාන් සුකී වසර 4ක් සිරගෙට

Mohamed Dilsad

දකුණු කොරියානු හිටපු ජනපතිනියට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

Mohamed Dilsad

දෝශාභියෝග චෝදනාවලින් ඇමෙරිකා ජනපති නිදහස්

Mohamed Dilsad

Leave a Comment