දේශීය

නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක්

(UTV | කොළඹ) – විශේෂ පොලිස් ආරක්ෂාවක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා කාලය තුළ ලබා දීමට කටයුතු කර තිබේ.

අද(12) සිට එළඹෙන 2020.03.19 වන දින දහවල් 12 දක්වා දිවයිනේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22 ක දී 2020.04.25 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා සිදු කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් එම නාම යෝජනා බර ගන්නා ස්ථානයන් හි මහජනයා හැසිරවීමට , රථ වාහන පාලනයට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලබන පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමටත් වැඩබලන පොලිස්පති වරයා විසින් කොට්ඨාස බාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

Related posts

පස් කන්දකට යට වීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

විශ්වවිද්‍යාල යළිත් ආරම්භ කිරීමේ සූදානමක්

Mohamed Dilsad

වාහන මිලට ගැනීම අධෛර්යමත් කිරීමට මහ බැංකුවෙන් නව කොන්දේසි..

Editor O

Leave a Comment