දේශීය

ඒකාබද්ධ සේවා 7 ක බඳවා ගැනීමට එකම විභාගයක්

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ සේවා 7 ක් සඳහා බඳවා ගැනීමට මින් ඉදිරියට එකම විභාගයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ගණකාධිකරණ සේවය, සැලසුම් සේවය, වාස්තු විද්‍යා,විද්‍යාත්මක සේවය හා ඉංජිනේරු සේවය ඇතුළු දීප ව්‍යාප්ත සේවා සඳහා බඳවා ගැනීමට මෙම විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බව
එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ඒ සඳහා යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

දැනට මෙම සියලු සේවා සඳහා සුදුස්සන් බඳවා ගැනීමට වෙන වෙනම විභාග පවත්වයි.

ඒ සඳහා අතිරේක මුදලක් මෙන්ම අමතර කාලයක්ද වැයවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ ය.

ලේකම්වරයා පැවසුවේ නව ක්‍රමය යටතේ බුද්ධි පරීක්ෂණය හා සාමාන්‍ය දැනුම යන විෂයන් 02 සියලු අපේක්ෂකයින් සඳහා පැවැත්වීමෙන් පසු සුදුසුකම් ලබන පිරිසට අනෙක් විෂයන්ට අදාළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

Related posts

විමල්ගේ ප්‍රකාශයකට එරෙහිව රිෂාඩ්ගෙන් CID යට පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

සුපුන් පතිරගේ අල්ලස් කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Mohamed Dilsad

ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment