ගොසිප්

පොහොට්ටුවෙන් ඉල්ලන උවිඳු විජේවීර ගම්පහින් තරඟ බිමට

(UTV | කොළඹ) –  රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර පසුගිය කාලය පුරාවට සක්‍රීය දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රකාශයන් සිදුකරනු ලැබීය.

ඒ අනුව නවතම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ උවිඳු විජේවීර හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක වී ඇති බවයි.

එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් උවිඳු විජේවීර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ තීරණයට හේතු වී ඇත්තේ උවිඳු විජේවීරගේ පුද්ගලික මතවාදය බවත් එම මතවාදය හා වඩාත් ගැලපෙන දේශපාලන ධාරාව වී ඇත්තේ පොහොට්ටුව බවත් ආරංචි මාර්ග කියා සිටී.

පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු සඳහන්කර සිටියේ තමා රෝහණ විජේවීරගේ පුත්‍රයා වන නමුත් ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බවයි.

උවිඳු විජේවීර රුසියාවේ විශ්ව විද්‍යාලයකින් සිය මුලික උපාධිය හා පශ්චාද් උපාධිය හදාරා ඇති අතර මේ වන විට සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටියි.

Related posts

කොරෝනා රෝගියෙකු සැඟවෙන්න ගම වටේ යයි

Mohamed Dilsad

මාලිංග – තිසර සමාජ මාධ්‍ය ගැටුම ගැන ක්‍රිකට් ආයතනයේ අවධානය…

Mohamed Dilsad

ඉන්දියානු සුරූපිනියකගේ අතගත් මැක්ස්වෙල් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment