දේශීයප්‍රමුඛ පුවත 1

මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට අද සිට ගුවන් තොටුපළ යළි විවෘතයි

(UTV| කොළඹ) –  ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (06) සිට යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ගුවන් තොටුපළේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත ඇතුළු ශාලා වෙත ගුවන් මගියෙකුට එක් අමුත්තෙකු කැදවාගෙන පැමිණිය හැකි අතර , ඒ සඳහා රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතුව තිබේ.

පසුගිය ජනවාරි මස 28 වනදා සිට ගුවන් මගීන් හැර අනෙකුත් පුද්ගලයන්ට ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළුවීම සීමා කර තිබුණේ නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන්.

Related posts

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Editor O

මව් භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය ජනතාවට තිබිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

ආරවුලක් දුර දිග ගොස් අයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment