Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ගාල්ල, මාතර සහ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවීය හැකියි.

ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

Related posts

Google still exploring censored China app

Mohamed Dilsad

Afternoon showers possible – Met. Department

Mohamed Dilsad

මාවනැල්ලේ බුදුපිළිම සිද්ධියට අදාළ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment