ප්‍රමුඛ පුවත 1

ආරවුලක් දුර දිග ගොස් අයෙක් මරුට

(UTV| කොළඹ) – දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ග්‍රෑන්ඩ්පාස් ,වෙහෙරගොඩැල්ල , කම්බිතොටුව ප්‍රදේශයේදී මෙම ආරවුල හටගෙන තිබේ.

ගැටුමේදී තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ රාත්‍රියේ ඇති වූ මෙම ගැටුමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 46ක් වයසැති පුද්ගලයෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර බුද්ධි අංශ මෙහෙයුම් පුළුල් කෙරෙයි

Mohamed Dilsad

අයවැය තෙවනවර කියවීම අද සිට

Mohamed Dilsad

සයිටම් විරෝධී සිසුන් අමාත්‍යංශ දේපල වලට හානි කරයි

Mohamed Dilsad

Leave a Comment