දේශීයප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට – ඡන්ද රාජකාරියට ලක්ෂ 02ක කාර්ය මණ්ඩලයක්

(UTV| කොළඹ) –  මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම අද (06) සිට 16 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය නිලධාරීන් 2019 ඡන්ද ලේඛනය අනුව තම අයදුම්පත් සකස් කොට ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ චන්න පී. සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඊට අදාළ අයදුම්පත් මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

තැපැල් ඡන්ද පාවිච්චි කිරීම සඳහා සුදුසුකම් ලත් නිලධාරීන්ගේ අයදුම්පත් හය ලක්ෂයක් පමණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කරයි.

එමෙන්ම, මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු ලක්ෂ දෙකක පමණ කාර්ය මණ්ඩලයක් යෙදවීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් නිසි ලෙස පිරවීමට සහාය දීම සඳහා කොමිෂන් සභාව විසින් බත්තරමුල්ල සෙත්සිරිපාය, නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලය, මාළිගාවත්තේ ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය, තැපැල් මූලස්ථානය හා බත්තරමුල්ල ඉසුරුපායේ උපකාරක සේවා මධ්‍යස්ථාන පිහිටුවනු ලබන අතර එම ස්ථානවලට මැතිවරණ කොමිසමේ කාර්ය මණ්ඩල යොදවන බවද චන්න පී. සිල්වා මහතා සඳහන් කළේය.

තැපැල් ඡන්ද විමසීමේ අවසන් දිනය මෙවර කිසිසේත්ම දීර්ඝ නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Related posts

සමගි ජන බලවේගයේ ජාතිික ලැයිස්තුව ඇතුළු තවත් පක්ෂ 02ක ජාතික ලැයිස්තු අපේක්ෂක නාම ලේඛන මෙන්න.

Editor O

නාකොටික් සිද්ධිය පිළිබඳ සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ මහතා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment