දේශීය

මිද්දෙණියේ වෙඩි තැබීමක්

(UTV |මිද්දෙණිය) – මිද්දෙණිය දඹේතලාව ප්‍රදේශයේදී අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත යමින් සිටි පුද්ගලයෙකුට තවත් අයෙක් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

අද දහවල් මෙම වෙඩි තැබීම සිදුව ඇත.

තුවාලකරු තලාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස 36 වූ කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මිද්දෙනිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කළ නවක මන්ත්‍රී සමාව ඉල්ලයි.

Editor O

කොරෝනා වෛරසයෙන් සුන්දර නුවරඑළිය ආරක්ෂා කරගැනීමට පියවර

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment