දේශීය

කොරෝනා වෛරසයෙන් සුන්දර නුවරඑළිය ආරක්ෂා කරගැනීමට පියවර

(UTV | කොළඹ) – වසරක් පාසා සෑම අප්‍රේල් මසකම නුවරඑළියේ පවත්වනු ලබන වසන්ත සැණකෙළිය වෙනුවට මෙවර කොරෝනා වෛරසයෙන් සුන්දර නුවරඑළිය නගරය හා ජනතාව ආරක්ෂා කරගැනීමට අදාල කටයුතු කරන බව නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා පවසයි.

රටේ පවතින වර්තමාන තත්ත්වය යහපත් අතට පත්වු පසු නැවත මෙම සැණකෙළිය පවැත්වීමට අපේක්ෂා කරන බව ද නගරාධිපතිවරයා පැවසීය.

සෑම වර්ෂයකම වසන්ත උදාන සැණකෙළිය අප්‍රේල් මස 01 වැනි දින නුවරඑළිය නගර මාධ්‍යයේ දී පාසල් තුර්යවාදක කණ්ඩායම් සංදර්ශණයකින් ආරම්භ වී අප්‍රේල් 25 දක්වා පැවැත්වෙනු ඇත.

ඊට විවිධ අංග , නොයෙක් තරඟ මෙන්ම වසන්ත සැණකෙළිය සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනයා සඳහා සංවිධානය කරනු ලැබූ විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වෙයි.

Related posts

ජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගමයේ අවසන් වාර්තාව බාරදෙයි

Mohamed Dilsad

පියා සහ පුතු එක්ව කළ අපරාධය

Mohamed Dilsad

මුජිබුර් ගොනු කළ පෙත්සම අඟහරුවාදා සලකාබැලේ

Mohamed Dilsad

Leave a Comment