දේශීය

ගුරු උපදේශක වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – මෙරට ගුරු උපදේශක සේවය වෘත්තීය සේවාවක් බවට ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒඅනුව ඊට අදාල ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ සැනින් ගුරුවරුන් 4971ක් ගුරු උපදේශකවරුන් ලෙස බඳවා ගැනීමට නියමිතයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ බව අනාවරණය විය.

උසස් අධ්‍යාපනය සඳහා වෘත්තීය නැඹුරුවකින් යුත් පරිඝණක උපාධි පාඨමාලාවක් හඳාුන්වාදීමට අදාල කැබිනට් පත්‍රිකාවද අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව මෙහිදී සඳහන් වුණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ,පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි විජයරත්න ,පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ,පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

Related posts

නිදහස් වෙළඳ කලාප සේවකයින්ට ජූලි මාසයේ සිට කොවිඩ්-එන්නත

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 40 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

නාවික සෙබලුන් 8 දෙනෙක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment