දේශීයවිදෙස්

ස්කොට්ලන්තයෙන් කොවිඩ් -19 ආසාදිත පළමු රෝගියා හමුවෙයි

(UTV | කොළඹ) – ස්කොට්ලන්තයෙන් කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්කොට්ලන්ත ජාතිකයෙකු වන ඔහු මීට දින කිහිපයකට පෙර ඉතාලියේ සිට පැමිණ ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

එංගලන්තයේද කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු හමුවී ඇති අතර , ඒ අනුව එරට මෙම වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇත.

කොරියාවේ සිට ඊයේ (01) පස්වරුවේ මගීන් 256 ක් රැගත් කොරියන් ගුවන් සේවයට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති අතර, එහි කිසිවෙකුට උණ රෝග ලක්ෂණ නොතිබූ බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කළේය.

මේ වන විට ලොව පුරා රටවල් 65 ක පමණ පැතිර ඇති කොවිඩ් – 19 ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 3,050 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

Related posts

කැනඩාවේ දේවස්ථානයක් තුළ වෙඩි තැබීමක්

Mohamed Dilsad

ලිට්‍රෝ සමාගම ගෑස් මිල ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

Mohamed Dilsad

Leave a Comment