දේශීය

මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින්ට කැඳවීමක්

(UTV | කොළඹ) – අද (26) දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අතර සාකච්ඡාවක් පැවැත්වේ.

එළඹෙන මහ මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පස්වරු 2.00 ට රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන සාකච්ඡාවේදී මැතිවරණයේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීමට ද සිදු කෙරේ.

මේ අතර ජාතික මැතිවරණ කොමිසමේ රැස්වීමක් අද (26) පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Related posts

විදුලි බලයෙන් ක්‍රියාකරන BYDවල තාක්ෂණ දෝෂ : අළෙවි කළ වාහන තොගයක් යළි කැඳවයි

Editor O

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

පොලිස් බුද්ධි සේවයට බදවා ගැනීම් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment