දේශීය

පොලිස් බුද්ධි සේවයට බදවා ගැනීම් අත්හිටුවයි

(UTV |කොළඹ ) –  රාජ්‍ය බුද්ධි සේවයට පොලිස් කොස්තාපල් හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරික්ෂණ නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේ අදාළ තනතුරු සදහා බදවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණ කටයුතු හෙට දින සිට සිදුකිරීමට නියමිතව තිබු බවයි.

කෙසේවෙතත් රට තුළ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව එම මූලස්ථානය සඳහන් කළේය.

Related posts

වී අලෙවි මණ්ඩලේ කෝටි 10ක වී තොග අතුරුදන්

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රථිඵල ඉදිරි දින 07 ඇතුළත

Mohamed Dilsad

අම්ෆන් සුළිකුණාටුව තවත් ප්‍රචණ්ඩ වෙයි

Mohamed Dilsad

Leave a Comment