දේශීය

වියළි කාලගුණය නිසා විදුලිය කඩිනමින් මිලදී ගන්න සුදානම්

(UTV |කොළඹ) – පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීමට රජය සුදානම් වේ.

මේ සඳහා මෙගාවොට් 128ක විදුලි ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් කඩිනමින් මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ වෙනුවෙන් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබේ.

අනුමැතිය හිමි වූ අතර ඒ සම්බන්ධයෙන් පෙරේදා විදුලිබල මණ්ඩලය දැනුවත් කර ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සදහන් කළේය.

Related posts

හිටපු ජනාධිපති මෛත්‍රිගේ පෙත්සමක් සලකා බැලීම ලබන 27 දා කල් තබයි.

Editor O

විදෙස් තැපැල් සේවාව අද සිට යළි අරඹයි

Mohamed Dilsad

හෙට දිනයේ සියලුම ලංගම බස් සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment