දේශීයප්‍රමුඛ පුවත 1

විදේශ අමාත්‍ය මානව හිමිකම් කවුන්සිලය අමතයි

(UTV | කොළඹ) – ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ඇමතීමට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) නියමිතයි.

විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කළේ පැවති රජය සම අනුග්‍රාහකත්වය සපයන ලද යෝජනා 2 කින් ඉවත්වීමට වත්මන් රජය ගෙන ඇති තීරණය ඔහු එහිදී නිල වශයෙන් දැනුම්දීමට නියමිත බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය විසින් සකස් කල වාර්තාව හෙට (27) දිනයේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි.

එම වාචික කරුණු දැක්වීම්වලට ද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමට නියමිත බවත් ඔහු ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මියව ලබන සිකුරාදා (28) හමුවීමටත් විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

අගෝස්තු 05 උසස් පෙළ – අගෝස්තු 04 වැනිදා ශිෂ්‍යත්වය

Mohamed Dilsad

සියලු පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතී විය යුතුයි – පොලිස්පති

Mohamed Dilsad

අසාද් සාලි වෙනුවෙන් ගොණුකර තිබූ මෝසම ඉල්ලා අස්කරගනී

Mohamed Dilsad

Leave a Comment