Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මෛත්‍රිගේ පෙත්සමක් සලකා බැලීම ලබන 27 දා කල් තබයි.

අධිකරණයට අපහාස කළේයැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සළකා බැලීම ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මෙම පෙත්සම අද (02) කැඳවීමෙන් පසු එම නියෝගය කළේය. වගඋත්තකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙහිදී කියාසිටියේ තම සේවා දායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

ඒ අනුව ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අපහාසයක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 27 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සාමාජිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා මෙම පෙත්සම ගොනුකර තිබේ.

Related posts

දිස්ත්‍රික්ක 3 ක මත්ස්‍ය අස්වැන්න රජයෙන් මිලදී ගැනීමට පියවර

Mohamed Dilsad

SLFP to discuss SLFP proposals today

Mohamed Dilsad

කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි

Mohamed Dilsad

Leave a Comment