දේශීය

විදෙස් තැපැල් සේවාව අද සිට යළි අරඹයි

(UTV | කොළඹ) – තෝරාගත් ගමනාන්තයන් කිහිපයක් සඳහා පමණක් විදෙස් තැපැල් සේවාව අද (15) සිට යළි ආරම්භ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඒ අනුව හොංකොං, චීනය,  ඕස්ටෙ‍්‍රලියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංප්පූරුව, කටාර් ජර්මනිය සහ ඉන්දියාව සඳහා විදෙස් තැපැල් සේවාව ක‍්‍රියාත්මකයි.

තැපැල්පතිවරයා කියා සිටියේ එකී ගමනාන්තයන්ට ගුවන් මගින් හා මුහුදු මගින් තැපැල් භාණ්ඩ හා ලිපි ගෙන යාම ආරම්භ වූ අතර ඉදිරියේ දී ක‍්‍රමානුකූලව අනෙක් රටවල් සඳහා ද ලිපි හා තැපැල් භාණ්ඩ ගෙනයාම ආරම්භ කරන බවයි.

කොවිඩ් – 19 වසංගතයේ පැතිරයාමත් සමඟ ගුවන් ගමන් නතර වීම නිසා විදෙස් තැපැල් සේවාව නතර කර දැමුවේය.

Related posts

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සතියක් වසයි

Mohamed Dilsad

ගංවතුරෙන් විපතට පත් වුවන්ට පාකිස්තානයෙන් සහනාදාර

Mohamed Dilsad

රුසියානු තරුණියකට හිරිහැර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment