විදෙස්

තුර්කිය හා ඇෆ්ගනිස්ථානය විසින් ඉරානයේ දේශ සීමා වසා දමයි

(UTV | කොළඹ) – කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම හේතුවෙන් තුර්කිය සහ ඇෆ්ගනිස්ථානය විසින් සිය ඉරාන දේශසීමාවන් වසා දැමීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොරෝනා වෛරසය ආසාදනය වූ ඉරානයේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් නිසා ඇෆ්ගනිස්ථානය සිය ඉරාන දේශ සීමාව වසා දැමීමට පියවර ගත් බවයි.

ඒ අනුව ඉරානයේ සිට පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද තුර්කි සහ ඇෆ්ගනිස්ථාන බලධාරීන් පියවර ගෙන ඇත.

මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ඉරානයේ පුද්ගලයින් 08 දෙනෙක් මියගොස් ඇති අතර වෛරස ආසාදිතයින් 43 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

Related posts

හිටපු අගමැතිගෙන් ඉන්දියාවේ ආර්ථිකය නගා සිටුවීමට උපදෙස්

Mohamed Dilsad

ජෙරුසෙලමේ යෝජනාව පරාජය කිරීමට ඇමරිකාව නිශේධ බලය යොදයි

Mohamed Dilsad

හිටපු ඉන්දීය මුදල් ඇමති තිහාර් බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment