විදෙස්

හිටපු ඉන්දීය මුදල් ඇමති තිහාර් බන්ධනාගාරයට

(UTV | කොළඹ) – දූෂණ සහ අල්ලස් චෝදනා එල්ල වූ හිටපු ඉන්දීය මුදල් අමාත්‍ය පී. චිදම්බරම් බන්ධනාගාරගත කරන ලෙස දිල්ලි අධිකරණයක් විසින් ඊයේ ලබාදුන් නියෝගයකින් අනතුරුව ඔහුව දිල්ලියේ තිහාර් බන්ධනාගාරය වෙත යැවීමට කටයුතු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසීය.

හිටපු මුදල් අමාත්‍යවරයාගේ අභියාචනය පසෙකලා ලබන 19 වනදා දක්වා තිහාර් බන්ධනාගාරයේ බන්ධනාගාරගත කරන ලෙස ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යංශය අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය දී තිබේ.

ඒ අනුව අනුව පී. චිදම්බරම්ට දින 14 ක සිර දඬුවමක් නියම කරන බව විශේෂ විනිසුරු අජේ. කුමාර් නියෝග කර තිබේ.

කෙසේ වෙතත් 74 හැවිරිදි පී. චිදම්බරම්ට වෙනම සිර මැදිරියක්, බටහිර පන්නයේ වැසිකිළියක්, ඖෂධ, විදුලි පංකාවක් සහ ඇතිරිලි හයකින් යුත් නිදන ඇඳක් ලබා දෙන ලෙස කොංග්‍රස් පක්ෂ නීතිඥයෙකු කළ ඉල්ලීමට අධිකරණය එකඟත්වය පළ කර තිබෙන බවත් වාර්තා වෙයි.

ඔහු 2007 වසරේ මුදල් අමාත්‍යවරයාව සිටි කාලයේ සිය ධූරය අවභාවිත කරමින් විදේශ අරමුදල් වංචා කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබීය.

 

Related posts

එන්නත ප්‍රතික්ෂේප කළොත් සිරගෙට

Mohamed Dilsad

ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුට

Mohamed Dilsad

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment