දේශීය

පෞද්ගලික අංශයේ වැටුප් ඉහළට

(UTV | කොළඹ) – පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 12,500 දක්වා වැඩි කරන බව රජය පවසයි.

නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන පවසන්නේ රුපියල් 10,000ක්ව පැවැති මාසික වැටුප රුපියල් 12,500 දක්වා මෙලෙස වැඩි කෙරෙන බවයි.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත වැඩිවන ජීවන වියදම සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

ඊට අමතරව අවම දෛනික වැටුප රුපියල් 400 සිට 500 දක්වා වැඩි කිරීමටද නියමිතය.

මේ සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

Editor O

විපක්ෂ නායකගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිවාස හා දේපළ බද්දෙන් සාමාන්‍ය මාධ්‍යම පංතිය නිදහස්

Editor O

රට පුරා විදුළි සැපයුමට හෙට දිනයෙන් පසු කුමක් සිදුවේද?

Mohamed Dilsad

Leave a Comment